Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සියෙරා ලියොන් ජනපති අද දිවයිනට

2 years ago

සියෙරා ලියොන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බයෝ (Julius Maada Bio) අද (20) රාත්‍රියේ මෙරටට පැමිණීමට නියමිතව තිබෙනවා.

ඒ, ලබන 21 වැනිදා සිට 26 වැනිදා සැමෝවා හි පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීමට යන අතරතුරයි.

සියෙරා ලියෝන් ජනාධිපතිවරයා රාත්‍රියේ ශ්‍රී ලංකාවේ රැඳි සිටින අතර පසු දින වෙනත් ගුවන් යානයකින් සිය ගමනාන්තය බලා පිටත්වීමට නියමිත බව සඳහන්.

මෙය ශ්‍රී ලංකාවට සිදු කරන රාජ්‍යතාන්ත්‍රික සංචාරයක් නොවන බැවින් ඔහු, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමු නොවන බවටයි තොරතුරු වාර්තා වන්නේ.

කෙසේ වෙතත් විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස විජිත හේරත් මහතා සහ සියෙරා ලියොන් ජනාධිපතිවරයා අතර හමුවක් හෙට (21) පෙරවරු 10.30ට පැවැත්වෙනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

කෙසේ වෙතත් මෙම සංචාරයේදී ජනාධිපති ජූලියස් මාඩා බයෝ හට අවශ්‍ය ප්‍රභූ ආරක්ෂාව සහ සෙසු සියලු පහසුකම් ලබාදීමටයි විදේශ කටයුතු අමාත්‍යංශය සැලැසුම් කර ඇත්තේ.

සියෙරා ලියොන් ජනපති අද