Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිරුණිකාට එරෙහි නඩුවක් කැඳවීමට දින දෙයි

2 years ago

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් 14 දෙනෙකු විදි නාට්‍යක් පෙන්වා පොලිස් ආඥා පනත හා මංමාවත් පනත උල්ලංඝනය කර ඇති බව සඳහන් කරමින් පවරා ඇති නඩුව ලබන වසරේ පෙබරවාරි 10 වැනිද කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (21) කුරුඳුවත්ත පොලීසියට නියෝග කළා.

හිරුනිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සැකකරුවන් එදින නිදහස් චතුරස්‍රයට ගොස් ඇත්තේ රට තුළ සිදුවන කාන්තා හිංසනවලට හා රටේ ආර්ථික අර්බුද හේතුවෙන් කාන්තාවන් මුහුණ දෙන තත්ත්වය පිළිබඳව වීදි නාට්‍යයක් මගින් රටට ඉදිරිපත් කිරිමට බවත් පොලීසියට බාධා කිරිමට නොවන බවටත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ අතුල රණගල මහතා සඳහන් කර තිබෙනවා.

කිසිවෙකුට බාධා නොකරමින් ඔවුන්ගේ විදි නාට්‍ය පෙන්වමින් සිටියත් එක්වරම ඒ තුළට ඇතුළු වූ පොලීසිය ඔවුන් අත්අඩංගුවට ගෙන හිංසා කළ බවත් මෙය දේශපාලන පලිගැනිමක් බවත් නීතිඥවරයා අධිකරණය හමුවේ වැඩිදුරටත් ප්‍රකාශ කර ඇති බව සඳහන්.

අද (21) දින හිරුනිකා ප්‍රේමචන්ද්‍ර හැර සෙසු සැකකරුවන් සියලු දෙනා අධිකරණයේ පෙනී සිටියා.

වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරමින් නීතිඥවරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවේ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය අද දින අධිකරණය හමුවේ පෙනී නොසිටින බවයි.