හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ භාවිතය සඳහා ලබාදී තිබූ වාහන තුනක් අද (21) යළි භාර දී තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලයට එම වාහන ගෙනවිත් භාරදීමටයි කටයුතු කර ඇත්තේ.
වෑන් රථයක්, කැබ් රථයක් සහ ගිලන් රථයක් එලෙස භාර දුන් වාහන වලට අයත්.
මේ අතර පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සතු වාහන 16න් 8ක් පසුගිය 19 වනදා භාර දී තිබෙන බවයි.

