මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාසාත්මක වන ආකාරයේ පෝස්ටර් ඇලවීමේ සිද්ධියට අදාළ ප්රධාන සැකකරු ලෙස හඳුනාගෙන සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජේ.ශ්රී. රංගා මහතා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකෙරෙමින් පවතින බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ ප්රධාන මහෙස්ත්රාත් තිළිණ ගමගේ මහතාට ඊයේ (21) දැනුම් දී තිබෙනවා.
එහිදී විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් පැවසුවේ, ප්රධාන සැකකරු මේ වනවිට සිය නිවසේ නොමැති බවත් ඔහු සොයා විමර්ශන සිදුකරන බවත් දන්වා සිටියා.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන් කිහිපදෙනෙකු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මෛත්රී ගුණරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සිය සේවාදායකයින් මෙම සිද්ධියේ සාක්ෂිකරුවන් බව පවසා තිබෙනවා.
සාක්ෂිකරුවන් මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගියහොත් පොලීසියට නඩුවේ කරුණු තහවුරු කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇති බව වන බව ද නීතීඥවරයා කරුණු දක්වමින් අවධාරණය කළ බවයි පැවසෙන්නේ.
කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් අටදෙනා අතරෙන් හතර දෙනකු පමණක් ඇප මත මුදා හැරීමට නියෝග කර තිබෙනවා.

