Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු ජනපති රනිල් ආරක්ෂකයින් 163ක් ඉල්ලයි! කැබිනට් මාධ්‍ය හමුවේදී තොරතුරු හෙළිවෙයි!

2 years ago

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරක්ෂාවට නිලධාරින් 163 ක් ලිඛිතව ඉල්ලා ඇති බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා පවසනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිවරයා වෙනුවෙන් ඔහුගේ නියෝජිතයෙක් අදාළ ලිපිය යොමු කර ඇති බවයි අමාත්‍යවරයා පවසන්නේ.

අද (22) පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් විජිත හේරත් මහතා මේ බව සඳහන් කළා.