අවිස්සාවේල්ල පොලිස් බල ප්‍රදේශයේ දිවුරුම්පිටිය වංගුව අසල දී පෞද්ගලික මගී බස් දෙකක් එකිනෙක ගැටී අද (22) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.
අනතුරින් තුවාල ලැබූ 28 දෙනෙකු අවිස්සාවේල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇති බව සඳහන්.
තිදෙනකුගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.
කොළඹ සිට ඇඹිලිපිටිය සූරියවැව දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් හා රත්නපුර සිට කොළඹ දක්වා ගමන් ගත් පෞද්ගලික බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව තිබෙනවා.



Follow us – TodayNewslk.com

