Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මහ වැසි නොතකා සහන මිලට පොල් ගන්න ජනතාව පෝලිම්වල

2 years ago

වෙළඳපළේ පවතින පොල් හිඟයට විසඳුමක් ලෙස රජය විසින් සහන මිලට පොල් බෙදා හැරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබේ.

එහි පළමු අදියර ලෙස අද කොළඹ දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක මෙම වැඩපිළිවෙල ක්‍රියාත්මක කර තිබුණේ පොල් වගා කිරීමේ මණ්ඩලය විසිනි.

ඒ හරහා පොල් ගෙඩියක් රුපියල් 100ත් 120ත් අතර මුදලකට අලෙවි කරයි.

වෙළෙඳපොළේ මේ වන විට පොල් ගෙඩියක් රුපියල් 150 ඉක්මවා ඇති අතර ඇතැම් ස්ථානව රුපියල් 200ක මුදලකටද ලොකු පොල් ගෙඩියක් මිල කර ඇත.

එවන් තත්ත්වයක් මත සහන මිලට බෙදා හරින පොල් ලබාගැනීම සඳහා එම ලොරි රථ අසල ජනතාව පෝලිම් ගැසී සිටින අයුරු දක්නට හැකි විය.