Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හිටපු රාජ්‍ය අමාත්‍යවරයෙකුගේ බිරිඳට අයත් නිවසකින් ලියාපදිංචි අංකයක් නොමැති සුඛෝපභෝගී වාහනයක් පොලිස් භාරයට

2 years ago

මිරිහාන, ශාලාව පාරේ නිවසක තිබී ලියාපදිංචි අංකයක් නොමැති සුඛෝපභෝගී මෝටර් රථයක් පොලිස් භාරයට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලොහාන් රත්වත්ත මහතාගේ බිරිඳට අයත් නිවසක තිබී එම මෝටර් රථය සොයාගත් බවයි.

පොලිස් භාරයට ගෙන ඇත්තේ සුදු පැහැති ලෙක්සස් වර්ගයට අයත් ජීප් රථයකි.

මෙය ලියාපදිංචි නොකළ වාහනයක් ද යන්න පිළිබඳ අප පොලීසියෙන් සිදු කළ විමසීමකදී පොලීසිය පැවසුවේ, ඒ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.