Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

උතුරු මාර්ගයේ දුම්රිය ධාවනය යළි අරඹයි

2 years ago

නවීකරණය කරන ලද මහව සහ අනුරාධපුරය අතර කොටස ලබන සඳුදා (28) සිට යළි අරම්භ කරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනූව, ලබන සඳුදා සිට කොළඹ කොටුව සහ කන්කසන්තුරේ අතර “යාල්දේවී” දුම්රිය සහ අනුරාධපුර සහ බෙලිඅත්ත අතර “රජරට රැජිණ” දුම්රිය ධාවනයට පියවර ගෙන ඇති බවයි, දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

නවීකරණය කරන ලද මහව සහ අනුරාධපුර අතර දුම්රිය මාර්ගය අවස්ථා කිහිපයකදී විවෘත කිරීමට නියමිත තිබුණි.

එහෙත් එය දිගින් දිගටම ප්‍රමාද වූයේ, සංඥා පද්ධතිය ස්ථාපනය නොවීමෙනි.