වාහන ගෙන්වන දිනය සම්බන්ධයෙන් ඇතැම් පාර්ශව පවසන අදහස්වල සත්‍යතාවය පිළිබඳ විශ්වාසයක් නොමැති බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ප්‍රසාද් මානගේ මහතා පවසනවා.
එවැනි ප්‍රකාශවලින් ජනතාව නොමඟ යා හැකි බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙවැනි අදහස් දැක්වීම් හේතුවෙන් තමා සතු වාහනය අඩු මුදලකට විකිණීමට පාරිභෝගිකයා පෙළඹෙනු ඇති බවත් එලෙස කලබල නොවිය යුතු බවත් ප්‍රසාද් මානගේ මහතා පෙන්වා දෙනවා.
ඔහු තවදුරටත් සඳහන් කළේ රජය හෝ අනෙකුත් වගකිව යුතු පාර්ශවයක් වාහන ආනයනය සම්බන්ධයෙන් මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නොමැති බවයි.
