ඊයේ පස්වරුවේ යතුරු පැදිය සේදීමට පැමිණි පුද්ගලයකු යතුරුපැදිය සේදීමට භාවිතා කරන බාල්දිය ළිඳට වැටීමෙන් පසු එය නැවත ගැනීමට උත්සහ කිරීමේදී ළිඳට වැටීමෙන් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
කළුතර උතුර පොලිසිය සඳහන් කළේ කළුතර උතුර පනාපිටිය කෙත්සිරි මාවත ප්‍රදේශයේදී මෙම අනතුර සිදුව ඇති බවයි.
මෙසේ මිය ගොස් ඇත්තේ මයිහංගනය ප්‍රදේශයේ පදිංචි 18 හැවිරිදි තරුණයෙකි.
එම තරුණයා පසුගිය සෙනසුරාදා දින රැකියාවක් සොයා ගැනීම සඳහා කළුතර උතුර පනාපිටිය ප්‍රදේශයට පැමිණ තිබේ.
ඒ අනුව එම මියගිය තරුණයා අද දිනයේ සිය යහළුවන් දෙදෙනා සමග සම්මුඛ පරීක්ෂණයකට සහභාගි වීම සඳහා මෙම ප්‍රදේශයට පැමිණ ඇති බව සඳහන්.
මියගිය පුද්ගලයාගේ සිරුර එම මොහොතේම ළිඳෙන් ගොඩට ගත්තද ඔහු මේ ඒ වන විටත් මියගොස් ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුර පොලිසිය ඉදිරි විමර්ශන ක්‍රියාත්මකයි.
(source – newscenter)
