Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පාර්ලිමේන්තු මන්‍ත්‍රීවරයෙකුගේ රියෙහි ගැටී කාන්තාවක් මරුට

2 years ago

සමස්ත ලංකා ද්‍රවිඩ කොංග්‍රසයේ යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් ගමන් ගත් ජීප් රථයේ ගැටී පදික මාර්ගයේ ගමන්ගත් කාන්තාවක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

ඊයේ (08) උදෑසන 05.35ට පමණ මෙම අනතුර සිදුව ඇත්තේ පුත්තලම කොළඹ මාර්ගයේ බෝලවත්ත හන්දිය ප්‍රදේශයේදීයි.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අවුරුදු 65ක් පමණ වන යාචක කාන්තාවක්.

අනතුර සිදුවන අවස්ථාවේදී මන්ත්‍රීවරයාද ජීප් රථයේ ගමන් කරමින් සිට තිබෙනවා.

මියගිය කාන්තාවගේ මෘත ශරීරය මේ වනවිට හලාවත රෝහලේ තැන්පත්කර ඇති අතර මන්ත්‍රීවරයා ගමන්ගත් ජීප් රථයේ රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.

ජීප් රථය මේ වනවිට වෙන්නප්පුව පොලිසියේ රඳවා ඇති අතර සිදුවීම පිළිබඳව වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මකයි.