දූෂණ විරෝධී පනතේ 82 – 2 වගන්තිය අනුව , වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දෙන ලෙස පාර්ලිමේන්තුව සියලුම මන්ත්‍රිවරුන්ට පසුගිය සතියේ ලිඛිතව දැනුම් දී ඇති බව සඳහන් වේ.
එම වගන්තියට අනුව මන්ත්‍රිධුරයේ දිවුරුම් දී මාස තුනක් ඇතුළත සිය ප්‍රකාශ ලබා දිය යුතුය.
ඒ අනුව එම ප්‍රකාශ ලබා දිය යුතු අවසන් දිනය ලබන පෙබරවාරි මස 21 වැනිදායින් අවසන් වේ.
එම ප්‍රකාශ ලබා නොදෙන මන්ත්‍රිවරුන්ට විරුද්ධව නඩු පැවරීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට බලය හිමිවන බව සඳහන් වේ.
පසුගිය පාර්ලිමේන්තුව නියෝජනය කළ සියලුම මන්ත්‍රිවරු වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී අවසන් කර ඇත.
එම පාර්ලිමේන්තුව නියෝජනය කළ ඇතැම් මන්ත්‍රීවරු එම ප්‍රකාශ ලබා දී ඇත්තේ සිහිකැඳවීම් කිහිපයක් සිදු කිරීමෙන් අනතුරුව බවයි වාර්තා වන්නේ.
කිහිප දෙනකුගේ එම ප්‍රකාශ ලබා ගෙන ඇත්තේ අවස්ථා කිහිපයක දී කළ දැනුම් දීම්වලින් පසුව බවද වාර්තා වේ.
