Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහන යාවත්කාලීන වෙයි! ශ්‍රී ලංකා කණ්ඩායම 4 වෙනි ස්ථානයට!

2 years ago

ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත්වී තිබෙනවා.

ඒ, ශ්‍රී ලංකාව සමඟ පැවැති දෙවන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ලකුණු 109කින් ජයගැනීමත් සමඟයි.

ඒ අනුව ඔවුන්ගේ ජයග්‍රාහී ප්‍රතිශතය සියයට 63.33ක් දක්වා ඉහළ ගොස් ඇති බව සඳහන්.

මෙම ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්ව ඇත්තේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමයි.

එහි තෙවන ස්ථානයේ ඉන්දියානු කණ්ඩායම පසුවනවා.

සියයට 45.45ක ජයග්‍රාහී ප්‍රතිශතයක් වාර්තා කර ඇති ශ්‍රී ලංකාව කණ්ඩායමට එහි හිමිව ඇත්තේ, සිව් වන ස්ථානයයි.