Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධූරය හිටපු මහ බැංකු අධිපතිවරයෙකුට හිමිවෙයි

2 years ago

ජස්ටින් ටෲඩෝ, පාලක ලිබරල් පක්ෂයේ නායකත්වයෙන් මෙන්ම අග්‍රාමාත්‍ය ධුරයෙන් ද ඉල්ලා අස්වීමත් සමග කැනඩාවේ පාලක පක්ෂයේ නව නායකයා ලෙස මාක් කාර්නි තේරී පත්විය.

ඒ අනුව, කැනඩා අග්‍රාමාත්‍ය ධුරය ද 59 හැවිරිදි කාර්නි ට හිමිවෙයි.

කැනඩාවේ අග්‍රාමාත්‍ය ධුරය හිමිවන්නේ පාලක පක්ෂයේ නායකයාටය. මේ වන විට කැනඩාවේ බලයේ සිටින්නේ ලිබරල් පක්ෂයයි. ලිබරල් පක්ෂ අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසුමකින් පසු මාක් කාර්නි පක්ෂ නායකයා ලෙස තෝරා ගැනුණි.

කාර්නි කැනඩා පුරවැසි භාවයත්, බ්‍රිතාන්‍ය පුරවැසි භාවයත් ඇති අයෙකි. මොහු කැනඩා මහ බැංකු අධිපති ලෙසත් කටයුතු කර තිබේ.