Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මියන්මාර භූ කම්පනයෙන් මිය ගිය ගණන 100 ඉක්මවයි

2 years ago

තායිලන්තයේ සහ මියන්මාරයේ අද (28) පස්වරුවේ ඇති වූ රික්ටර් මාපකයේ 7.7 ක භූමිකම්පාවෙන් පුද්ගලයින් සියයකට අධික සංඛ්‍යාවක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මියන්මාරයේ ඇති වූ භූමිකම්පාවෙන් පසු බැංකොක් සහ තායිලන්තයේ අනෙකුත් ප්‍රදේශවල කම්පන ඇති වූ අතර, බැංකොක්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සහ ස්ථිර දූතමණ්ඩලය තායි බලධාරීන් සමඟ සම්බන්ධීකරණයෙන් තත්ත්වය සමීපව නිරීක්ෂණය කරමින් සිටින බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.

ඒ අනුව, ඔවුන් සඳහන් කළේ, මේ වන විට ශ්‍රී ලාංකික පුරවැසියන් සම්බන්ධ කිසිදු අහිතකර සිදුවීමක් වාර්තා වී නොමැති බවයි.

එමෙන්ම, හදිසි අවස්ථාවකදී තායිලන්තයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට +66 812 498 011 හදිසි දුරකථන අංකයට සම්බන්ධ වන ලෙසයි දැනුම් දෙනු ලබන්නේ.