Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මියන්මාරයේ භූ කම්පනයෙන් මියගිය ගණන 1000 ඉක්මවයි

2 years ago

මියන්මාරයේ ඊයේ (28) ඇති වූ භූමිකම්පාවලින් අවම වශයෙන් පුද්ගලයින් 1000කට අධික පිරිසක් මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම පුද්ගලයින් 1,670 දෙනෙකු තුවාල ලබා ඇති බවයි මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ.

මියන්මාරයේ පැරණි අගනගරයක් වූ මැන්ඩලේ ප්‍රදේශය කේන්ද්‍ර කරගනිමින් එරට වේලාවෙන් ප.ව. 12:50ට පමණ ඇතිවූ මෙම භූ කම්පනයේ ප්‍රබලත්වය රික්ටර් මාපකයේ ඒකක 7.7ක් ලෙස සටහන් වී තිබුණි.

කෙසේ නමුත් එම භූ කම්පනයෙන් මිනිත්තු කිහිපයකට පසු රික්ටර් මාපකයේ 6.4ක ප්‍රබලත්වයකින් යුත් පසු කම්පන තත්ත්වයක් ද ඇතිවී තිබේ.