Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ සංඛ්‍යාව ඉහළට! පෙර පාසලක සිටි සියලුම සිසුන් ජීවිතක්ෂයට පත්වෙලා!

2 years ago

මියන්මාර භූකම්පනයෙන් සිදුවූ මරණ ගණන 1,600 ඉක්මවා තිබේ.

අමෙරිකානු භූ විද්‍යා සමීක්ෂණායතනය අනතුරු අඟවන්නේ එය දස දහස ඉක්මවීමේ අවදානමක් පවතින බවය.

මධ්‍යම මියන්මාරයට පසුගියදා රික්ටර් මාපකයේ ඒකක 7.7ක ප්‍රබලත්වයකින් යුතු භූකම්පනයක බලපෑම් එල්ල වුණි.

ප්‍රධාන භූකම්පනයෙන් පසුවත් ප්‍රබල පසුකම්පන 6කින් එරටට බලපෑම් එල්ල වී තිබේ.

මෙය වාර්තා අතරට එක්ව ඇත්තේ සියවසකට අධික කාලයකින් පසුව මියන්මාරයට බලපෑ ප්‍රබලතම භූකම්පනය ලෙසයි.

භූකම්පනයෙන් මියන්මාරයේ දෙවන විශාලතම නගරය වන මැන්ඩලේ නගරයටත් දැඩි හානි සිදුව ඇති අතර එහි ගොඩනැගිලි රැසක් පොළොවට සමතලා වී තිබේ.

එහි නිවාස 1,500කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇතැයි සඳහන්ය.

භූකම්පනය අතරතුර දී මැන්ඩලේ හි පෙර පාසලක් පිහිටි ගොඩනැගිල්ලක් ද කඩා වැටී ඇති අතර එහි සිටි පෙර පාසල් දරුවන් 12 දෙනෙකුගේ සහ ගුරුවරයාගේ සිරුර සොයාගෙන ඇතැයි සහන සේවකයින් තහවුරු කර තිබුණි.