Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

චීනයට ඇමරිකාවෙන් මරු පහරක්! චීන ආනයනවලට 104%ක තීරු බද්දක්!

2 years ago

ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 60 කට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් පැනවූ තීරුබදු අද සිට ක්‍රියාත්මකයි.

මේ අතර චීනයට පැන වූ තීරු බදු 104% දක්වා ඉහල නැංවූ බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කළා.

ඒ ධවල මන්දිරයේ ඊයේ රාත්‍රියේ පැවති උත්සවයක් අමතමින්.

ඒ අනුව මෙරට වේලාවෙන් අද පෙරවරු 9.30 සිට මෙය ක්‍රියාක්මක වනු ඇති.

එසේම ඖෂධ සඳහා ද තීරුබදු ප්‍රකාශයට පත් කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.

නමුත් පසුගිය සතියේ ඔහු නිවේදනය කළේ දැඩි තීරුබදු වලින් ඖෂධ නිදහස් කිරීමටයි.

RELATED: ට්‍රම්ප්ගේ තීරණයට එරෙහිව චීනය අවසානය තෙක් සටන් කිරීමට සැරසෙයි