Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දළදා වන්දනාවට VIP හෝ VVIP පෝලිම් නෑ

2 years ago

හෙට (18) සිට ආරම්භ කිරීමට නියමිත සිරි දළදා වන්දනාව සඳහා කිසිදු අවස්තාවක VIP හෝ VVIP යනුවෙන් ප්‍රභූවරුන් වෙත විශේෂ පෝලිමක් නොමැති බව පොලිසිය පවසනවා.

මහනුවර හා මාතලේ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ මේ බව ප්‍රකාශ කළේ සිරි දළදා වන්දනාව වෙනුවෙන් බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම සම්බන්ධයෙන් පැහැදිලි කිරීමට මහනුවර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ අද (17) පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.

අද (17) සවස පැවති “සිරි දළදා වන්දනාව” බැතිමතුන්ගේ ආරක්ෂාව හා රථවාහන හැසිරවීම ගැන පොලීසියේ විශේෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

එසේ වුවත් ස්වාමින් වහන්සේලා සීමිතපිරිසකට දළදා මාළිගයට ඇතුළු වීමේදී විශේෂ අවස්ථාවක් ලබාදෙන බව ද පැවසු නියෝජ්‍ය පොලිස්පති සුදත් මාසිංහ කියා සිටියේ ඔවුන්ව ද විශේෂ පරීක්ෂාවකට ලක්කරන බවයි.