රථවාහන දඩ මුදල් ගෙවීම සඳහා GovPay මාර්ගගත ක්‍රමය හඳුන්වාදීමෙන් අනතුරුව එවැනි ගෙවීම් වලින් තැපැල් දෙපාර්තමේන්තුවට ලැබෙන ආදායම නතර වී ඇති බව වාර්තා වෙනවා.
තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම-කැඳවුම්කරු චින්තක බණ්ඩාර පවසන්නේ, එහි ප්‍රතිඵලයක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුවට විශාල ආදායමක් අහිමිවන බවයි.
රථවාහන වැරදිවලට අදාළ ක්ෂණික දඩ මුදල් ‘GovPay’ යෙදවුම මගින් ගෙවීමේ නියමු ව්‍යාපෘතියක් පසුගිය අප්‍රේල් 11 ආරම්භ කළා.
ශ්‍රී ලංකා පොලිසිය ඩිජිටල්කරණය කිරීමේ ව්‍යාපෘතියක් ලෙස මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
දඩ මුදල් ගෙවීමට මින් පෙර ක්‍රියාත්මක ක්‍රමවේදය වන්නේ, රියැදුරන් විසින් සිදු කරනු ලබන රථවාහන වැරදි සඳහා පොලිස් නිලධාරීන් විසින් නිකුත් කරන ලද දඩ පත්‍රිකා තැපැල් කාර්යාල වෙත රැගෙන ගොස් ගෙවිම් සිදු කිරීමයි.
ඉන් පසු එම කුවිත්නාසි පත නැවත පොලිස් ස්ථාන වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රියැදුරු බලපත්‍රය ආපසු ලබා ගැනීම සිදු කෙරෙනවා.
කෙසෙවෙතත්, තැපැල් වෘත්තීය සමිති පෙන්වා දෙන්නේ තැපැල් කාර්යාල පාදක දඩ මුදල් ගෙවීම්වලින් ඉවත් වීම හේතුවෙන් දෙපාර්තමේන්තුවට වාර්ෂික ආදායමෙන් රුපියල් මිලියන 600 ත් 800 ත් අතර මුදලක් අහිමිවන බවයි.
“වෘත්තීය සමිතියක් ලෙස, රටේ අභිවෘද්ධිය සඳහා තාක්ෂණික විසඳුම් භාවිතා කිරීමට අපි විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් එවැනි වැඩසටහන් තැපැල් දෙපාර්තමේන්තුව වැනි රජයේ ආයතනවලට අහිතකර ලෙස බලපාන්නේ නැති වියයුතුයි”
රජයේ ආයතනවල මූල්‍ය ස්ථාවරත්වයට හානි නොවන ආකාරයෙන් නව ඩිජිටල් පද්ධති හඳුන්වාදෙන ලෙස මෙම සංගම් තවදුරටත් රජයෙන් ඉල්ලා සිටිනවා.
