වසර 16කට පසු මෙවර පැවැත්වෙන “සිරි දළදා වන්දනාව” සමාරම්භක අවස්ථාව සඳහා අද (18) දහවල් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහනුවරට පැමිණියේය.
ඉන් අනතුරුව දළදා වහන්සේ වැද පුදා ගැනීමට ජනාධිපතිවරයා එක්විය.
මෙම අවස්ථාවට රාජ්‍ය තාන්ත්‍රිකයින් විශාල පිරිසක් ද එක්වී තිබුණි.
වියට්නාමය, බංග්ලාදේශය, ඉන්දුනීසියාව, නේපාලය, නෙදර්ලන්තය, ඉන්දියාව, මියන්මාරය, පලස්තීනය, ප්‍රංශය, නවසීලන්තය, කියුබාව, ඊජිප්තුව, ජපානය, බ්‍රිතාන්‍යය, තායිලන්තය, කැනඩාව, කොරියාව යන රටවල් නියෝජනය කරමින් එක් වන මෙම කණ්ඩායම අද පෙරවරු 7.00ට පමණ කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට මහනුවර දක්වා ධාවනය වූ දුම්රියේ විශේෂ නැරඹුම් මැදිරියකින් මහනුවර බලා ගමන් කරනු ලැබීය.
පසුව මහජනතාව සඳහා සිරි දළදා වන්දනාව ආරම්භ කෙරුණි.
