Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකීකයන්ට විශේෂ දැනුම්දීමක්

2 years ago

ඊශ්‍රායලයේ පැවැත්වෙන සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වන ලෙස එරට සිටින ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකීකයන්ගෙන් ඉල්ලීමක් සිදු කරයි.

සිංහල අවුරුදු උත්සව සමයේ ආරක්ෂාව සම්බන්ධව සැලකිලිමත් වන ලෙස නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් ඉල්ලා ඇත.

අද (18) උදෑසන යෙමනයේ හවුති ත්‍රස්ත සංවිධානය විසින් ඊශ්‍රායලය ඉලක්ක කොට එල්ල කරන ලද මිසයිල ප්‍රහාර ගණනාවක් සාර්ථක ලෙස අක්‍රීය කිරීමට ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සමත් විය.

ඒ හේතුවෙන් යෙමනයේ හවුති කැරලිකරුවන් විසින් ඊශ්‍රායලය ඉලක්ක කර මිසයිල ප්‍රහාර එල්ල කළ හැකි බව තානාපති කාර්යාලය පෙන්වා දෙයි.

ඒ අනුව හෙට (19) සිට 26 වැනිදා දක්වා එරට ප්‍රදේශ කිහිපයක අවුරුදු උත්සව ඇතුළු විවිද ඉසව් සංවිධානය කර ඇති බැවින් මේ සම්බන්ධව අවධානයෙන් යුතුව කටයුතු කරන ලෙසත් එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා තිබේ.