Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මත්පැන් හල් තුනකට මුද්‍රා තැබේ

2 years ago

අලුත් අවුරුදු උත්සව සමයේ කළ වැටලීම්වලදී නීති විරෝධීව මත්පැන් අළෙවි කළ සුරා බදු බලපත්‍ර හිමි මත්පැන් අළෙවිසැල් තුනකට මුද්‍රා තැබූ බවත් එම මත්පැන් අළෙවිසැල්වලට එරෙහිව උපරිමයෙන් නීතිය ක්‍රියාත්මක කරන බවත් සුරාබදු දෙපාර්තමේන්තුව පවසවා.

සුරාබදු දෙපාර්තමේන්තුව මෙම මස 3 වැනිදා සිට 17 වැනිදා දක්වා කාලය තුළ සුරාබදු වැරදි සම්බන්ධයෙන් වැටලීම් 1,235 ක් කළ බවත් එම වැටලීම්වලදී පුද්ගලයන් 1,320 ක් අත්අඩංගුවට ගෙන නඩු පැවරීමට කටයුතු කරමින් සිටින බවත් එම දෙපාර්තමේන්තුව කියා සිටියා.

නීති විරෝධී ලෙස නිෂ්පාදනය කළ ස්ප්‍රීතු සන්තකයේ තබා ගැනීම, ප්‍රවාහනය කිරීම සහ විකිණීමට සම්බන්ධ වැටලීම් 658 ක් සහ නීතිවිරෝධී මත්පැන් ස්කාගාර පවත්වාගෙන යෑම සම්බන්ධ වැටලීම් 224 ක් සිදු කර තිබෙනවා.

සුරාබදු දෙපාර්තමේන්තුව විසින් 1913 ක්‍ෂණික දුරකථන අංකයට  ලැබුණු ඇමතුම් ජනතාව දුන් තොරතුරු ඔස්සේ වැටලීම් රැසක් කළ බව පවසනවා.