Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

තාත්තාගේ ටිපර් රථයට යට වී සිඟිත්තිය මරුට

2 years ago

කිලිනොච්චිය, අම්බාල්කුලම් ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට මිදුලේ නවතා තිබූ ටිපර් රථයකට යටවීමෙන් කුඩා දැරියක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.

ඊයේ (18) සවස සිදුවූ මෙම සිදුවීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇත්තේ වයස අවුරුදු එකහමාරක දැරියකි.

සිය පියා විසින් ධාවනය කළ ටිපර් රථයේ ඉදිරිපස රෝදයට සිරවී මෙම අවාසනාවන්ත මරණයට දැරිය මුහුණපා ඇත.

මෘත ශරීරය කිලිනොච්චිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබෙන අතර කිලිනොච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.