Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

පුතුගේ පහරින් පියාට දිවි අහිමි වෙයි

2 years ago

ග්‍රෑන්ඩ්ට්ස් ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී ඊයේ (18) රාත්‍රී කාලයේදී පහරදීමක් හේතුවෙන් රෝහල් ගත කල පුද්ගලයෙකු මියගොස් ඇති බවට ග්‍රෑන්ඩ්ට්ස් පොලිසිය සඳහන් කරනවා.

මෙසේ මියගොස් ඇත්තේ, වයස අවුරුදු 54ක් වූ අවිස්සාවේල්ල පාර, ඔරුගොඩවත්තප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මරණකරු හා ඔහුගේ පුත්‍රයා අතර ඇති වූ ආරවුලක් දුරදිග යාම හේතුවෙන් පුත්‍රයා විසින් යකඩ පොල්ලකින් මරණකරුගේ හිසට පහරදී ඇති අතර, එම පහරදීමෙන් තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුව මියගොස් ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදීයි අනාවරණය වී ඇත්තේ.

මෘත ශරීරය කොළඹ ජාතික රෝහලේ මෘතශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, අපරාධය සිදුකළ වයස අවුරුදු 20ක් වන මරණකරුගේ පුත්‍රයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

(source – hiru news)