Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රැකියා විරහිත උපාධිධාරීන්ට සුබ පණිවිඩයක්

2 years ago

නව උපාධිධාරීන් 31000ක් බඳවා ගැනීමට රජයෙන් මිලියන 10,000ක් වෙන් කර ඇති බව වෙළෙඳ හා පාරිභෝගික කටයුතු අමාත්‍ය වසන්ත සමරසිංහ පවසනවා.

තරග විභාග මගින් රැකියා සඳහා උපාධිධාරින් බඳවා ගැනීමට කටයුතු කරන බවත් ඒ අනුව ඉදිරියේ දී උපාධිධාරීන් 31000ක් බඳවා ගැනීමට කටයුතු කරන බව ද අමාත්‍යවරයා සඳහන් කර සිටියා.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (18) සවස අනුරාධපුරයේ දී පැවති අනුරාධපුර නගර සංවර්ධන සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට එක්වෙමින්.

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය සේන නානායක්කාර මහතා ඇතුළු අනුරාධපුර නගරයේ විද්වතුන් සහ ව්‍යාපාරිකයින් ද එක් ව සිටියා.