ලබන 27 වැනිදා දක්වා මහනුවර දළදා මාලිගා පරිශ්‍රයේ පැවැත්වෙන සිරි දළදා වන්දනාවට පැමිණෙන සැදැහැවතින්ගේ වැඩිවීමක් පෙන්නුම්කරන හේතුවෙන් ඔවුන්ගේ ගමනාගමන පහසුව තකා තවත් විශේෂ දුම්රිය දෙකක් ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙනවා.
ඒ අනුව, අද (19) සිට එළැඹෙන 28 වැනිදා දක්වා මෙම විශේෂ දුම්රිය දෙක ධාවනය කෙරෙන බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.
එහිදී එක් දුම්රියක් මහනුවර දක්වා සෑම දිනකම පස්වරු 07.55ට කොළඹ කොටුවෙන් ආරම්භ කිරීමට පියවර ගෙන ඇති අතර, එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 10.27 ළඟා වෙනු ඇති.
අනතුරුව රඹුක්කනින් පස්වරු 10.40ට යළි පිටත්වන එම දුම්රිය මහනුවර දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00ට ළඟා වීමටද නියමිතයි.
තවද මහනුවර සිට කොළඹ බලා සෑම දිනකම පස්වරු 08.30ට තවත් දුම්රියක් ධාවනය කිරීමට පියවර ගෙන ඇති අතර, එම දුම්රිය රඹුක්කන දුම්රිය ස්ථානයට පස්වරු 09.50ට ළඟා වීමට නියමිතයි.
ඉන් අනතුරුව රඹුක්කනින් පස්වරු 10.35ට යළි කොළඹ බලා පිටත් වීමටද නියමිත එම දුම්රිය කොළඹ කොටුවට දුම්රිය ස්ථානයට මධ්‍යම රාත්‍රී 12.00ට ළඟා වීමට නියමිතයි.
