Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කාදිනල් හිමි නිකුත් කළ පාස්කු ඉරු දින පණිවිඩය

2 years ago

පාස්කු කාල වකවානුව දෙවියන් වහන්සේගේ අතිමහත් ප්‍රේමය ඇතුලු අත්දැකීම් නැවතජීවමාන කරගන්නට ලැබෙන ආශිර්වාදාත්මක මොහොතක් බව අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසනවා.

ඒ, පාස්කු ඉරිදාව වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින්.

හදවත පාපයේ බැමිවලින් මුදාගනිමින් සමිඳාණන්ගේ උත්ථානයේ ජයග්‍රහණය වෙතයොමුවන්නට මෙහිදී අධිෂ්ඨාන කරගත යුතු බවයි උන්වහන්සේ සඳහන් කරන්නේ.

මේ අතර පාස්කු ඉරිදා ප්‍රහාරයට අදාළ විමර්ශන වල අවසාන ඉලක්කය විය යුත්තේ, අපරාධකරුවන් කවුරුන්ද යන්න සහ එම මිලේච්ඡ ක්‍රියාවට අධාර අනුබල දුන්නේ කවුරුන්ද යන්න තහවුරු කර ගැනීම බව ශ්‍රී ලංකා කතෝලික රඳගුරු සමුළුව අවධාරණය කරනවා.

පාස්කු දින පණිවිඩයක් නිකුත් කරමින් එම සමුළුව ප්‍රකාශ කළේ, ඊට අදාළව ස්වාධීන හා අපක්ෂපාතී විමර්ශනයක් සහතික කිරිම සඳහා වත්මන් රජය යම් ධනාත්මක පියවර ගෙන ඇතැයි නිරීක්ෂණය වන බවයි.