Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කෝටි 24ක මත්ද්‍රව්‍ය තොගයක් සමඟින් විදෙස් ජාතික ගුරුවරයෙක් අත්අඩංගුවට

2 years ago

නීති විරෝධිව මෙරටට රැගෙන ආ කොකේන් තොගයක් සමග බ්‍රසීල ජාතිකයෙකු අද (20) අලුයම රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙකි.

අත්අඩංගුවට ගන්නා ආස්ථාවේදී සැකකරු කිලෝග්‍රෑම් 4යි ග්‍රෑම් 855ක මත්ද්‍රව්‍ය තොගය කුඩා කාඩ්පත් ලෙස සකසා ගමන් මලු 7ක් තුළ අසුරා මෙරටට රැගෙන විත් තිබූ බව රේගු නිළධාරීන් පවසනවා.

රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් මෙම මත්ද්‍රව්‍ය තොගය සමග මෙම ගුවන් මගියා සම්බන්ධව වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ.