Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

හුලංගමුව දෙන්න හැදූ ලොකු තනතුර එපා කියයි!

2 years ago

මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය දරන මහින්ද සිරිවර්ධන ඉවත්වීමෙන් පසු එම තනතුර සඳහා නම්කර සිටින ජනාධිපති ජ්‍යෙෂ්ඨ ආර්ථික උපදේශක දුමින්ද හුලංගමුව, මුදල් අමාත්‍යංශයේ ලේකම් ධුරය බාරගැනීම ප්‍රතික්ෂේප කර ඇතැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘දේශය’ වාර්තා කරයි.

ඔහු මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක අධ්‍යක්ෂවරයකු ලෙස ඉහළ තනතුරක් දරන බැවින් මෙම තනතුර බාරගැනීම අයෝග්‍ය බව ඔහුගේ මතය වී ඇති බව වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙයි.