කසිප්පු ජාවාරම්කරුවෙකු විසින් පවත්වා ගෙන ගිය මුදල් ඔට්ටුවට “කැට සෙල්ලම්” කළ ස්ථානයක සිදුවී ඇති බහින් බස්වීමකින් අනතුරුව සිදුකර ඇති පහර දීමකින් තරුණයෙකු මිය ගොස් ඇති බව ආණමඩුව පොලීසිය කියයි.
ඉකුත් 19 වැනිදා සවස මෙම මරණය සිදුවී ඇත.
මරණයට පත්ව ඇත්තේ කොට්ටුකච්චිය, වඩත්ත – හල්මිල්ලවැව පදිංචිව සිටි 25 හැවිරිදි අවිවාහක තරුණයෙකි.
සිද්ධිය සම්බන්ධයෙන් සැකකාරියක් සහ සැකකරුවන් දෙදෙනෙකුව ආණමඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. මිය ගොස් ඇති තරුණයාගේ මවගේ සහෝදරයකු සහ කසිප්පු ජාවාරම්කරුවාද ඒ අතර වන බව පොලීසිය කියයි.
කැට පොලේ ඇති වූ බහින් බස්වීමකින් අනතුරුව සැකකරුවන් දෙදෙනා සහ සැකකාරිය විසින් තරුණයාට පොළු සහ මුගුරු වලින් පහර දී තුවාල සිදු කර ඇත. තුවාල ලබා සිටි තරුණයාව ප්‍රදේශවාසීන් විසින් ප්‍රතිකාර සඳහා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති නමුත් ඔහු මිය ගොස් ඇත.
මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට නියමිතව ඇත.
