2019 වසරේ පාස්කු ඉරුදින කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට සහ කටුවාපිටිය ශාන්ත සෙබස්තියන් දේවස්ථානයට එල්ල වූ බෝම්බ ප්‍රහාරවලින් ජීවිත අහිමි වූ කතෝලිකයන් 167 දෙනෙකු, ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමට වතිකානය තීරණය කළ බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් ප්‍රකාශ කළා.
අද (21) කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේදී උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවති විශේෂ දේව මෙහෙය අතරතුරදී මේ බව සඳහන් කළා.
මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් විසින් වතිකානයේ ශුද්ධෝත්ම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගෙන් කළ ඉල්ලීමකට අනුව මෙම ප්‍රහාරයෙන් ජිවිත අහිමිවූවන් ඇදහිල්ලේ සාක්ෂිකරුවන් ලෙස නම් කිරීමට අවසර හිමිව තිබෙනවා.
