නිට්ටඹුව – කිරිඳිවැල පාරේ මනමාල වංගුව ප්රදේශයේදී යුද හමුදා සෙබළුන් රැගත් බස් රථයක් ප්රතිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී සිදුවූ අනතුරකින් 22 දෙනෙකු තුවාල ලබා වතුපිටිවල රෝහලට ඇතුළත් කර තිබෙනවා.
තුවාල ලැබු පිරිස අතර බස් රථයේ රියදුරුද සිටින බවයි පොලීසිය පවසන්නේ.
ඔවුන්ගෙන් 20 දෙනෙකු ප්රථිකාර ලබාගෙන පිටව ගොස් ඇති අතර රියදුරු සහ යුධ හමුද සෙබළෙකු තවදුරටත් රෝහලේ ප්රථිකාර ලබයි.
ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව සඳහන්.
අද (21) උදෑසන එම අනතුරු සිදුව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කිරිඳිවැල පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වනවා.
