Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

දේශබන්දු තෙන්නකෝන්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝගයක්

2 years ago

මේ වන විට වැඩ තහනමට ලක් වී සිටින හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාව යළිත් වරක් මාතර මහේස්ත්‍රාත් අධිකරණයට කැඳවීමක් කර තිබෙනවා.

ඒ අනුව ඔහුට 25 වැනිදා අධිකරණය ඉදිරියේ පෙනී සිටින ලෙස මාතර මහේස්ත්‍රාත්වරයා අද (21) නියෝග නිකුත් කළා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කළ කරුණු දැක්වීමකින් අනතුරුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව අධිකරණයෙන් ඇප ලබා පිටව යාමේදී අධිකරණ නියෝග කඩවන ආකාරයෙන් ක්‍රියාකිරීම සම්බන්ධයෙන් එළඹෙන අප්‍රේල් 25 වැනිදා මාතර මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස රාජකාරී අත්හිටුවා ඇති පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට සහ ඔහුව අධිකරණයෙන් පිටතට රැගෙනයාමට භාවිත කළ මෝටර් රථයේ හිමිකරුට නියෝග කර තිබෙනවා.