රුපියල් ලක්ෂ 02 ක අල්ලසක් ගත් ගෙලිඔය ප්‍රදේශයේ ක්වාසි විනිසුරුවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අල්ලස් හෝ දූෂණ චෝදන විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විනිසුරුවරයා අත්අඩංගුවට ගත් බවයි.
එම ව්‍යාපාරිකයාගේ පුත්‍රයා ගොනුකර තිබූ දික්කසාද නඩුවකට අදාළ තීන්දුව කඩිනමින් ලබාදීමට අවශ්‍යය කටයුතු සලසා එහි තීන්දුවේ පිටපතක් ලබාදීමට ඔහු මෙම මුදල අල්ලස් වශයෙන් ලබාගෙන තිබෙනවා.
