Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

සිරි දළදා වන්දනාකරුවන්ට පහසුකම් සලසන්න QR කෝඩ් එකක්

2 years ago

සිරි දළදා වන්දනාවට පැමිණෙන බැතිමතුන්ගේ පහසුව උදෙසා අවශ්‍ය තොරතුරු මාර්ගගත ක්‍රමය ඔස්සේ ලබා ගැනීම සඳහා වන විශේෂ වැඩපිළිවෙළ ඊයේ සිට ආරම්භ වී තිබෙනවා.

ඒ අනුව යාවත්කාලීන වන නිවේදන, සිටින ස්ථානයේ සිට සනීපාරක්ෂක පහසුකම් තිබෙන ස්ථාන වලට ගමන් මාර්ග හඳුනා ගැනීම, ප්‍රථමාධාර සේවා, දන්සැල්, අතරමං වූවන් සොයා ගැනීම ඇතුළු ස්ථාන සොයාගැනීම ආදී විශේෂාංග රැසකින් මෙය සමන්විත වේ.

ප්‍රධාන පෝලිම් 3හී ම මෙයට පිවිසීම හැකි QR කේත ඇතුලත් පුවරු ස්ථාපිත කර තිබෙනවා.

එමෙන්ම info.sridaladamaligawa.lk වෙබ් අඩවිය හරහා මෙයට පිවිසීමට පහසුකම් සලසා තිබෙනවා.