නල්ලතන්නියේ සිට ගිනිගත්හේන පොල්පිටිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 300ක් පමණ ප්‍රපාතයකට පෙරළීමෙන් බිහිසුණු අනතුරක් සිදුව තිබේ.
මෙම අනතුරින් තුවාල ලැබූ මෝටර් රථයේ රියදුරුවරයා ලක්ෂපාන ප්‍රාදේශීය රෝහල වෙත ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.
අද (22) උදෑසන මෙම අනතුර සිදු වී ඇත්තේ, නල්ලතන්නිය – ගිනිගත්හේන ප්‍රධාන මාර්ගයේ නෝර්ටන්බ්‍රිජ් එඩිට් ප්‍රදේශයේදීය.
ධාවනය වෙමින් තිබූ මෝටර් රථයේ හදිසියේ ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් මෝටර් රථය රියදුරුගේ පාලනයෙන් මිදි මාර්ගයෙන් ඉවතට පැන මෝටර් රථය ප්‍රපාතයට පෙරලී ඇත.
අනතුරින් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදු වී ඇත.
