ස්වර්ගස්ථ වූ ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අප්‍රේල් මස 26 වන සෙනසුරාදා සිදුකරන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පාප් වහන්සේගේ අවමංගල්‍ය කටයුතු සාමාන්‍යයෙන් සාම්ප්‍රදායික වන නමුත් ෆ්‍රැන්සිස් පාප් වහන්සේ අවමගුල් කටයුතු සරලව සිදු කිරීමට නියමිත ය.
උන්වහන්සේගේ ඉල්ලීම පරිදි, උන් වහන්සේගේ දේහය පෙර පාප්වරුන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා භාවිතා කරන ලද බීරයක් වෙනුවට ලී පෙට්ටියක් තුළ තැන්පත් කර ඇත.
සයිප්‍රස්, ඊයම් සහ ඕක් වලින් සාදන ලද සාම්ප්‍රදායික මිනී පෙට්ටි ස්ථර තුන වෙනුවට සින්ක් ආවරණයක් සහිත සරල ලී මිනී පෙට්ටියක් තැන්පත් කිරීම ද ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ කැමැත්ත වූ අතර එලෙසම එය තැන්පත් කිරීමට පියවර ගෙන තිබේ.
