Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

රත්‍රං කිලෝ 9ක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

2 years ago

නීති විරෝධි ලෙස මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීමට සූදානම්කර තිබූ රත්‍රං කිලෝ 08 යි ග්‍රෑම් 960ක පමණ තොගයක් තලෛයිමන්නාරමේදී නාවික හමුදා භාරයට ගෙන තිබේ.

එම රත්‍රං තොගය සමඟ සැකකරුවන් දෙදෙනෙකු සහ තෙප්පම් යාත්‍රාවක්ද සිය භාරයට ගත් බව හමුදාව නිවේදනය කරයි.

පසුගිය 21 වැනිදා උතුරු මැද නාවික විධානයේ ශ්‍රී ලංකා නාවික නෞකා තම්මැන්නා ආයතනයට ලද විශ්වසනීය තොරතුරකට අනුව මෙම වැටලීම සිදු කර ඇත.

මෙලෙස නාවික හමුදා භාරයට ගෙන ඇත්තේ තලෛයිමන්නාරම, ඌරුමලේ ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකි.

සැකකරුවන්, රත්‍රං කිලෝ අටයි ග්‍රෑම් නමසිය හැටක  පමණ තොගය සහ එම රත්‍රං මුහුදු මාර්ගයෙන් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබූ තෙප්පම් යාත්‍රාව ඉදිරි නීතිමය කටයුතු සඳහා කන්කසන්තුරය රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබේ.