Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

මාතර බන්ධනාගාරයේ උණුසුම් තත්වයක්! අහසට වෙඩි තබයි!

2 years ago

අද (22) පස්වරුවේ මාතර බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

දෙපිරිස අතර ඇති වූ තත්ත්වය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩි තබා ඇත.

බන්ධනාගාර ආරංචිමාර්ග සඳහන් කළේ එමගින් හටගත් නොසන්සුන්තාව තරමක් දුරට පාලනය කර ඇති බවයි.

මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී වාට්ටුවකින් පිටතට පැමිණ ඇති රැඳවියන් පිරිසක් ඊට විරෝධය පළ කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති අතර ඒ අනුව තත්ත්වය පාලනය කිරීමට අහසට වෙඩිතබා ඇති බව පැවසෙයි.