මාතර බන්ධනාගාරයේ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මේවනවිට පාලනය කර ඇති බව පොලීසිය පවසයි.
ඊයේ(22) පස්වරුවේ බන්ධනාගාරයේ රැඳවියන් දෙපිරිසක් අතර එම ගැටුම හටගෙන තිබූ අතර එය පාලනය කිරීම සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් අහසට වෙඩිතබා තිබේ.
කෙසේවෙතත් නොසන්සුන්තාවය පාලනය කර ගත නෙහැකි වීම හේතුවෙන් ඊයේ (22) රාත්රී කඳුළු ගැස් ප්රහාරයක් ද එල්ල කිරීමට සිදුව වූ බව පොලීසිය පවසයි.
එමෙන්ම තත්ත්වය පාලනය කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය ද කැඳවීමට පියවර ගෙන ඇති බව වාර්තා විය.
මාතර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියෙක් වෙනත් බන්ධනාගාරයක් වෙත රැගෙනයෑමට උත්සාහ කිරීමේදී බන්ධනාගර රැඳවියන් පිරිසක් සිය වාට්ටු වලින් පිටතට පැමිණ විරෝධය දැක්වීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හටගෙන තිබේ.
