Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

කටානේ වෙඩි තැබීමට හිටපු පොහොට්ටු මන්ත්‍රී අත්අඩංගුවට

2 years ago

කටාන ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමට අදාළව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් මෙවර පළාත් පාලන ඡන්දයට තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ පස්වරුවේ සිදුකළ මෙම වෙඩි තැබීමෙන් 35 හැවිරිදි පුද්ගලයෙකුට දිවි අහිමි විය.

බහින්බස්වීමක් දුරදිග යාම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

ඝාතනයට ලක්වූ පුද්ගලයා විසින් අදාළ හිටපු ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරයාට තියුණු ආයුධයකින් පහර දී තිබූ අතර, එහිදී හිටපු මන්ත්‍රීවරයා සිය පෞද්ගලික ගිනි අවියෙන් ඔහුට වෙඩි තබා තිබුණා.

හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා ද මීගමුව මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදීයි මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.