පළාත් පාලන ආයතන 339 සඳහා පැවැත්වෙන ජන්ද විමසීමට අදාළව තැපැල් ජන්ද විමසීම අද ආරම්භ වනවා.
අද දිනයේ මෙන්ම අප්‍රේල් 25, 28 සහ 29 යන දින තුනේ ද තැපැල් ඡන්දය සලකුණු කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව එම කොමිසම සඳහන් කළේය.
මෙවර පළාත් පාලන ජන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය ප්‍රකාශ කිරීම සදහා අයදුම්පත් 663,499ක් ලැබී ඇති නමුත් ඉන් පිළිගෙන ඇත්තේ 648,490 ක් පමණයි.
තැපැල් ඡන්ද විමසීම පෙරවරු 8ට ආරම්භ වීමට නියමිත අතර ඡන්ද මධ්‍යස්ථාන ලෙස යොදා ගන්නා රාජ්‍ය ආයතනවලට පොලිස් ආරක්ෂාව ලබා දී තිබෙනවා.
මේ අතර සිරි දළදා වන්දනාවේ රාජකාරීවල නිරත වී සිටින නිලධාරීන්ට තැපැල් ඡන්දය භාවිතා කිරීම සඳහා විශේෂ මධ්‍යස්ථානයක් මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ ස්ථාපිත කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක ප්‍රකාශ කළා.
