Telephone:
+94779456435

Email:
editor.todaynewslk@gmial.com

යතුරුපැදියක ගමන් නොකර හෙල්මට් පැළඳ සිටින පුද්ගලයින් පරීක්ෂා කිරීමට පොලීසියට උපදෙස්

2 years ago

ආරක්ෂිත හිස් වැසුම් පැළද සැකකටයුතු ලෙස හැසිරෙන පුද්ගලයින් සම්බන්ධයෙන් පරික්ෂා කිරීම සිදුකළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධාරින්ට සඳහා උපදෙස් ලබා දී ඇත.

නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය මේ බව දැනුම් දී තිබේ.

පසුගිය කාලය තුළ දිවයිනේ විවිධ ප්‍රදේශවල සිදු වූ වෙඩි තැබීම් හා මනුෂ්‍ය ඝාතන ඇතුළු විවිධ අපරාධ සඳහා සැකකරුවන් පැමිණීමේදී හිස හා මුහුණ ආවරණය වන පරිදි හිස් වැසුම් පැළඳ අපරාධ සිදු කර ඇති බව නිරීක්ෂණය වී ඇති බව පොලිසිය සඳහන් කරනවා.

හිස්වැසුම් පැළඳ සිටීම අවශ්‍ය වනුයේ යතුරුපැදියක ගමන් කරන අවස්ථාවන්හිදී වන අතර එය පැදිකරුගේ හා පසුපැදිකරුගේ ආරක්ෂාව සඳහා පමණක් වේ.

ඒ අනුව, එබැවින් යම් පුද්ගලයෙකු යතුරු පැදියක ගමන් නොකරන අවස්ථාවකදී ආරක්ෂිත හිස් වැසුම් පැළඳ සැකකටයුතු ලෙස හැසිරෙන බව නිරික්ෂණය වූ විට එම පුද්ගලයා සහ ඔහු සන්තකයේ ඇති බඩු බාහිරාදිය පරීක්ෂා කිරීම සිදු කළ යුතු බවට දන්වා පොලිස් මූලස්ථානය මගින් සියලුම පොලිස් නිලධරයන් සඳහා උපදෙස් ලබා දී ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කරන්නේ.