වලංගු වීසා බල පත්‍ර නොමැතිව ශ්‍රී ලංකාවේ රැඳීසිටීම ඇතුළු ආගමන හා විගමන පනත යටතේ චෝදනා එල්ල කරමින් හිටපු රාජ්‍ය ඇමතිනි ඩයනා ගමගේ මහත්මියට එරෙහිව ගොනුකර තිබූ නඩුවල විභාගය ජුලි මස 31 දක්වා කල්තැබීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.
ඩයනා ගමගේ මහත්මිය ආගමික හා විගාමික පනතඋල්ලංඝනය කරමින් වීසා නොමැතිව මෙරට රැඳී සිටි සිටීමට එරෙහිව රහස් පොලිසිය විසින් චෝදනා පත්‍ර 7ක් යටතේ පවරා ඇති නඩුවේ සාක්ෂි විභාගය අද දිනට නියමිතව තිබූ අතර ස්ථීර මහේස්ත්‍රාත්තුමිය නොමැති බැවින් මෙසේ නඩු විභාගයට කල්තැබීය
වග උත්තරකාරිය අධිකරණයේ පෙනී සිටීමෙන් පසුව මෙසේ දින නියම කළ අතර සාක්ෂිකරුවන්ට එදින අධිකරණය පෙනී සිටින් ලෙසට නියෝග කළේය.
