ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (24) දහවල් වතිකානු තානාපති කාර්යාලය වෙත ගොස් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථවීම පිළිබඳ සිය ශෝකය පළ කර තිබෙනවා.
තානාපති කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයාවශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති අගරදගුරු බ්‍රයන් උඩෙයිග්වේ(Archbishop Brian N. Udaigwe) හිමිපාණන් විසින් පිළිගනු ලැබූ බවයි සඳහන් වන්නේ.
අනතුරුව, උන්වහන්සේ සමඟ කෙටි කතාබහක නිරතවූ ජනාධිපතිවරයා එහි තැන්පත් කර තිබූ ශෝක සටහන් පොතේ සටහනක්ද තබමින් අති උතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ ස්වර්ගස්ථවීම පිළිබඳ සියලු ලෝකවාසී කිතුනු ජනතාව වෙත ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ ශෝකය පළ කර තිබෙනවා.
