ගන්දර පොලිස් වසමේ දෙවිනුවර විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිරිපිටදී පසුගිය මාර්තු 21 වැනිදා පුද්ගලයන් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවෙකු ඊයේ (24) සවස් කාලයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මෙම අපරාධය සඳහා පැමිණි වෙඩික්කරුවන් ප්‍රවාහනය කරමින් ඝාතනය සිදුකිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම හා ආධාර අනුබලදීම යන චෝදනා යටතේයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති සැකකරු වයස අවුරුදු 33ක් වන තලල්ල දකුණ, ගන්දර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් පවතිනවා.
