අනුර විදානගමගේ (කජ්ජා) හා ඔහුගේ දරු දෙදෙනා මිද්දෙණියේදී ඝාතනය කිරීමේ සිද්ධියේ යතුරුපැදිකරු ලෙස කටයුතු කළ සැකකරු අද (25) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබේ.
සැකකරු ඉන්දියාවට පලා ගොස් සිටියදී ඉන්දීය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔහුව ශ්‍රී ලංකාවට පිටුවහල් කරන ලද අතර, ඔහු නැවත පැමිණීමේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වීරකැටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මිද්දණෙිය ප්‍රදේශයේදී පසුගිය පෙබරවාරි 18 වනදා කජ්ජා නැමැත්තා වෙඩිතබා ඝාතනය කෙරුණු අතර වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහුගේ දරු දෙදෙනාද පසුව මියගොස් තිබුණි.
