ශ්‍රී ලංකාව සහ ලක්වාසී ජනතාව නියෝජනය කරමින්, ස්වර්ගස්ථ වී සිටින ප්‍රැන්සිස් පාප් වහන්සේගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට සහ අවසන් කටයුතු සිදු කෙරෙන උත්සවයට සහභාගී වීම සදහා , විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත් මහතා වතිකානුව බලා පිටත්ව ගොස් තිබේ.
අමාත්‍යවරයා අද (25) දින උදෑසන 9.30ට පමණ කටුනායක ගුවන් තොටුපොළෙන් අබුඩාබි නුවර වෙත ගොස් එතැන් සිට තවත් වෙනත් ගුවන් යානයකින් වතිකානුව බලා පිටත්ව යාමට නියමිතය.
එසේම, උන්වහන්සේගේ අවසන් කටයුතු වලට සහභාගී වීම සඳහා පාලමේන්තු මන්ත්‍රීවරුන් වන කවින්ද ජයවධර්න සහ හෙක්ටර් අප්පුහාමි ඊයේ රාත්‍රියේ දිවයිනෙන් පිටව ගියා.
